මේ සීතල වතුර ගතට වැටෙන විට දැනෙන්නේ ඉමහත් ආශ්වාදයකි.නමුත් මා වැඩිපුර ම ආසා දොළෙන් නෑමට ය.හනික නා ගත් අප ගෙදරට දිව්වේ වැස්ස තදින් ආ නිසා ය.
උම්බලකඩ දැමූ රතු ලුණුමිරිසට පාන්පිටි රොටී කදිමට ගැලපුනි.උණු වෙන් වටිටියට දමන රොටී කන්න ඉස්සර වගේ ම තරඟයකි.නමුත් අම්මා සෑදූ රසවත් රොටී වලින් හොඳට බඩකට පුරවා ගත්තේය.
" සුද්දියේ..." ඒ තාත්තගෙ කටහඬයි.
"තාත්තේ......."
"කොහොම ද පුතේ වැඩ කරන තැන හොඳයි ද"
" හොඳයි තාත්තෙ.තාම නම් කරදරයක් නැතුව වැඩ ටික කරනවා.."
"එහෙනම් කමක් නෑ.."
මා මේ ගෙදරින් ගියේ නෑදෑයන්ගෙන් මා හට සිදු වූ කෙනෙහිලිකම් ඉවසා ගැනීමට නොහැකි වූ නිසා මය.උසස් පෙළ විබාගය අවසන් වූ පසු මා සිටියේ අම්මාටත් තාත්තාටත් උදව් කර ඉතා සැහැල්ලුවෙන් ය.නමුත් ගෙදරට එන සියලු නෑදෑයො කියා සිටියේ පොල්ලෙලි මෝලට හෝ ගොස් රැකියාවක් කරන ලෙස ය.මා හට අවශ්‍ය වූයේ රැකියාවක් නොකර ප්‍රතිඵල ලැබෙන තුරු නිවසට වී සිටීමට ය.නමුත් ලොකු අම්මා සමඟ ඇති වූ බහින්බස් වීම නිසා මා ගෙදරින් කොළඹ බලා පිටත් උනේ ගාමන්ට් එකක හෝ රැකියාවක් කරන් අරමුණ ඇතිව ය.නමුත් මාගේ වාසනාවට ගාමන්ට් එකේ ඉහළ තනතුරක් ලැබුනි.එය කරන අතරතුර ප්‍රතිඵල පැමිණියේ.ප්‍රතිඵල විශ්ව විද්‍යාලයට යාමට තරම් ප්‍රමාණවත් වූ නිසා මා තවත් තනතුරෙන් උසස් කළේ ය.එ නිසා මාගේ තීරණය වූයේ රැකියාව කර සිටීම ය.
"අක්කේ...." ඒ මල්ලීගේ හඬයි.
"මොකෝ....." .මම ඔහුගේ හිස පිරිමදිමින් ඇසුවෙමි.
"අක්කේ.... අපට මොනාද ගෙනාවේ." මල්ලී ඇඹෙරෙමින් අසයි.
මල්ලී වෙනුවෙන් ගත් ඇඳුමත්,සෙල්ලම් කාරයත්, දුන්නෙමි.නංගීට ගවුමත්,පුයර සහ ක්‍රීම් බෝතලයක්,යට ඇඳුම්,කොණ්ඩ බූල් සහ කොණ්ඩ කටුත් දුන් විට මූණ දිලිසුණි.මම අම්මාට තාත්තාටත් ඇඳුම් සූට් ගෙන ආමි.
මේ තාක් ඉතිරි කර ගත් ලක්ශයක මුදල මා තාත්තාගේ අතේ තැබුවෙමි.තාත්තාගේ ඇස් උඩ යනු මා දුටුවෙම්.මේ මා මෙතෙක් කල් ඉතිරි කරගත් මුදල ය.එය ඉතිරි කර ගන්නට මා හුදෙක් වෙහෙසුනෙමි.අනෙක් යාලුවෝ රස රස කෑම සොයා කඩවල් සොයා ගියත් මා රුපියල් පනහේ බත් පැකැට්ටුවට,ක්‍රීම් කැකර් බිස්කට් එකට විතරක් හුරු උනෙමි.විලාසිතා කරන්නට ආස මුත් දවස් පහට ඇඳුම් පහක් තියා ගෙන ඒවා පිලිවෙලට පිරිසිදුවට ඇන්දෙමි.මේ සියල්ලටම හේතුව උනේ ගේ සාදාගැනීමට මුදල් ඉතුරු කර ගැනීමටය.අම්මාගේත් තාත්තාගේත් පවුල් ගත් කල මැටි නිවසක් ඇත්තේ අපට පමණි.
" තාත්තේ ඔය සල්ලි වලින් ගේ හදන්න පටන් ගන්න...තව සල්ලි ටිකක් මං ගෙනත් දෙන්නම්.මං ලබන සතියෙ බැංකු ණයක් දාන්න හිතන් ඉන්නෙ.දැනට ඔය සල්ලි වලින් වැඩ ටික කරන්න ගන්නකෝ..."
"ඒත් පුතේ....මේ සල්ලි ඔයා තියා ගන්න.කවද හරි ඕන වෙනවා.අපිට ලොකු ගෙවල් නැති උනාට වැටිලා ඉන්න තැන තියනවනෙ..."
"පිස්සු කියන්න එපා තාත්තේ..මං හදිස්සියේ ආවෙ ඒ නිසා..."
" එතකොට පුතා හෙට යනව ද?"
"ඔව්.මං ගිහින් ලබන මාසෙ එන්නම්.තව දවස් දෙකක් විතර නිවාඩු දාලා.."
"එහෙනම් පුතේ දැන් නිදා ගන්න.හෙට උදෙන් ම නැගිටින්න එපැයි.."
අම්මාටත් තාත්තාටත් වැඳ නින්දට ගියේ සිතේ ලොකු බලාපොරොත්තු හිතේ ඇතිව ය.නෝබෝ දිනකින් ඒ බලාපොරොත්තු ඉටු වනවා සත්තමය.
0 Comments